කොළඹ 07, විජේරාම මාවතේ පදිංචිව සිටි ප්‍රකට පියානෝ ගුරුවරියක වූ මිත්‍රානි ප්‍රනාන්දු මහත්මිය ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරු ලබන අප්‍රේල් මස 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (30) නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් කෙරුණේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සුබ්‍රමනියම් සෙල්වකුමාර නැමැති පුද්ගලයෙකි.
පොලිස් විමර්ශනවලට අනුව, වතු සුද්ධ පවිත්‍ර කරන කම්කරුවෙකු ලෙස සේවය කළ මෙම සැකකරු 2024 දෙසැම්බර් 15 වනදා අදාළ නිවසට ගොස් තිබේ. එහිදී එම කාන්තාව දූෂණය කර වයර් කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කළ බවට සැකකරු පාපොච්චාරණය කර ඇති බව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි. ඝාතනයෙන් පසු නිවසේ තිබූ ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය සහ ගෑස් සිලින්ඩර සොරකම් කර විවිධ පුද්ගලයින්ට විකුණා ඇති අතර, එම භාණ්ඩ කිහිපයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.














