ඉරානය වහාම හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) විවෘත කිරීමට පියවර නොගතහොත් එරට සියලුම විදුලි බලාගාර සහ තෙල් නිධි පුපුරුවා හැර සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ, සාධාරණ එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් මෙතෙක් ප්‍රහාර එල්ල නොකළ ඉරානයේ තෙල් ළිං, කාර්ග් දූපත (Kharg Island) සහ ලවණ ඉවත් කිරීමේ බලාගාර පවා විනාශ කර යුද්ධය අවසන් කරන බවයි.
මීට අමතරව ‘Financial Times’ පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ද ජනාධිපතිවරයා අවධාරණය කළේ තම ප්‍රධාන අරමුණ ඉරානයේ තෙල් සම්පත අත්පත් කර ගැනීම බවයි. මෙම දැඩි ප්‍රකාශත් සමඟ අද (30) ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 116 සීමාව ද ඉක්මවා ගියේය.














