පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ විපක්ෂ නායකවරයා රටේ සමස්ත පුරවැසියන් සමඟ එක්ව අර්බුදය කළමනාකරණය කර ගැනීමටත්, රටක් ලෙස ඉදිරි පියවරක් තැබීමටත් කටයුතු කිරීම විපක්ෂයේ ප්‍රධාන වගකීමක් බව “අලුත් පියාපත්” සංවිධානය අවධාරණය කරයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ නියෝජිතයින් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ මේ මොහොතේ විපක්ෂය සිය කාර්යභාරය වඩාත් විධිමත් ලෙස ඉටුකළ යුතු බවයි.
දේශපාලන වාසි තකා කටයුතු කරනවා වෙනුවට ජාතික අවශ්‍යතාවලදී රජය සමඟ සහයෝගයෙන් හෝ විධිමත් විවේචනයක් සහිතව මැදිහත් වීම අත්‍යවශ්‍ය බව ඔවුන් මෙහිදී පෙන්වා දුන්හ.













