ඇමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ Raleigh-Durham ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ (RDU) Terminal 1 පර්යන්තය අද (30) අලුයම හදිසියේ ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. නිර්නාමික දුරකථන ඇමතුමක් හරහා එල්ල වූ තර්ජනයක් හේතුවෙන් මගීන් සහ කාර්ය මණ්ඩලය මෙලෙස පර්යන්තයෙන් ඉවත් කර ඇති අතර, අලුයම 4:20 ට පමණ මෙම තර්ජනය ලැබුණු බව ගුවන් තොටුපොළ බලධාරීන් තහවුරු කළේය.
පොලිස් නිලධාරීන් සහ ප්‍රවාහන ආරක්ෂක පරිපාලන (TSA) නිලධාරීන් එක්ව පර්යන්තය පුරා දැඩි සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර, පැය දෙකකට ආසන්න කාලයක් මගීන් සිය ගණනක් ගුවන් තොටුපොළෙන් පිටත රැඳී සිටීමට සිදු විය. කෙසේ වෙතත්, පරීක්ෂණවලින් අනතුරුව කිසිදු අනතුරුදායක තත්ත්වයක් නොමැති බව තහවුරු වීමත් සමඟ පෙරවරු 6:00 ට පමණ පර්යන්තය නැවත විවෘත කර ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කර ඇත.














