ගම්පහ, යක්කල පාරේ සල්මල් උයන පිහිටි පක්ෂ කාර්යාලයේ අයිතිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර පැවති නඩුවේ තීන්දුව අද (30) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව එම කාර්යාලයේ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට භාරදීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කළේය.
2025 වසරේ සැප්තැම්බර් මස දෙපාර්ශවය අතර ඇති වූ ගැටුමකින් පසු මෙම කාර්යාලය යක්කල පොලිසියේ පාලනයට නතු කර තිබූ අතර මාස දෙකක අධිකරණ ක්‍රියාවලියකින් පසු මෙම තාවකාලික තීන්දුව ලබා දී ඇත. පෙත්සම්කාර පාර්ශවය හැර අනෙක් පාර්ශවය එම කාර්යාලයේ අයිතිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර නොමැති බවද මෙහිදී අධිකරණය පෙන්වා දුන්නේය. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් නීතිඥ ක්‍රිෂාන් ප්‍රනාන්දු පුල්ලේ මහතා ද, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ මහතා ඇතුළු පිරිසක් ද පෙනී සිටියහ.













