ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මෙතෙක් ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කර තිබූ විශේෂිත කාමරය සාමාන්‍ය රෝගීන් සඳහා විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණයට අනුව, එහි දෛනික ගාස්තුව රුපියල් 70,000ක් ලෙස නියම කිරීමට යෝජනා වී තිබේ. මෙම යෝජනාව රෝහල් පාලක මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව අද (30) වාර්තා විය.
පූර්ණ වායුසමනය කළ, සියලු පහසුකම්වලින් සමන්විත මෙම කාමරය රෝහලේ පවතින අනෙකුත් සාමාන්‍ය කාමරවලට වඩා තුන් ගුණයකින් පමණ විශාලත්වයෙන් යුක්තය. ජනාධිපතිවරයා සඳහා වෙන් කර තිබූ මෙම පහසුකම මහජන ප්‍රයෝජනය සඳහා ලබාදීම හරහා රෝහලට අතිරේක ආදායමක් උපයා ගැනීමට ද හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














