ඉරානයේ කාර්ග් දූපත (Kharg Island) අත්පත් කර ගන්නා බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ තර්ජනයට ප්‍රතිචාර වශයෙන්, ඔහුව උපහාසයට ලක් කෙරෙන “Lego” මාදිලියේ සජීවීකරණ (Animation) වීඩියෝවක් ඉරානය විසින් අද (30) නිකුත් කර තිබේ. “Explosive News Team” නමැති ඉරාන කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද මෙම වීඩියෝව රුසියානු සහ ඉරාන හිතවාදී සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.
විනාඩි දෙකක පමණ කාලයකින් යුත් මෙම වීඩියෝවේ ට්‍රම්ප්ව “පරාජිතයෙකු” (Loser) ලෙස හඳුන්වා දී ඇති අතර, එහි අවසානයේ “තව ටිකක් ළඟට එන්න” (COME CLOSER) යනුවෙන් සඳහන් කරමින් අභියෝගයක් ද එල්ල කර තිබේ. මීට අමතරව වර්තමාන ඇමෙරිකානු පාලන තන්ත්‍රයට එරෙහිව එරට නගරවල පැවැත්වෙන “රජවරුන් එපා” (No Kings) විරෝධතා ද මෙම සජීවීකරණ නිර්මාණය හරහා ඉස්මතු කර පෙන්වීමට ඉරානය පියවර ගෙන ඇත.













