රටේ පවතින බලශක්ති අර්බුදය හමුවේ මහජනතාවට පූර්වාදර්ශයක් සැපයීම සඳහා සියලුම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තමන්ට හිමි ඉන්ධන කෝටාව තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකින් ස්වේච්ඡාවෙන්ම අඩු කර ගැනීමට තීරණය කර ඇත. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අද (30) පස්වරුවේ මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍යවරුන්ගේ මෙම තීරණයට සමගාමීව අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් ද සිය ඉන්ධන භාවිතය සැලකිය යුතු ලෙස සීමා කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව, අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වළකින ලෙස සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇති අතර, විදුලිය වැඩිපුර වැය වන පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි භාවිතය අවම කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.














