ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ (SriLankan Airlines) සහ ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සභාපති ධුරය දැරූ සරත් ගනේගොඩ මහතා එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීම හෙට, එනම් 2026 මාර්තු 31 වනදා සිට බලපැවැත්වෙන බව වාර්තා වේ.
ගනේගොඩ මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ හිස්වන සභාපති ධුරයේ වැඩබැලීම සඳහා ඩිමාල් අන්දර මහතා පත් කර ඇති බව ගුවන් සමාගම් ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ රොෂාන් ගුණතිලක මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව තහවුරු වී තිබේ. මෙම ඉහළ පෙළේ ඉල්ලා අස්වීම් මාලාව සිදුවන්නේ මෙරට ජාතික ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ වීම විශේෂත්වයකි.















