වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අද (31) දිනයේ සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය විවෘත කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අදාළ පාර්ශවයන්ට සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ මින් ඉදිරියට අන්තර්ජාලය ඔස්සේ (Online) ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.
මෙම නව පද්ධතිය හරහා දත්ත එක්රැස් කිරීම සහ ඒවා විමර්ශනය කිරීම වඩාත් පහසු වන අතර, රාජ්‍ය නිලධාරීන් ඇතුළු වගකිවයුතු පිරිස් සිය වත්කම් ප්‍රකාශ නියමිත වේලාවට ඉදිරිපත් කිරීම සහතික කිරීම මෙහි අරමුණයි. මීට පෙර පැවති ලිපි ලේඛන මඟින් වත්කම් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය වෙනුවට මෙම නවීන ඩිජිටල් ක්‍රමවේදය හඳුන්වා දීම දූෂණය පිටුදැකීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.
මෙම පද්ධතිය භාවිතා කරන ආකාරය සහ ලියාපදිංචි වන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු අල්ලස් කොමිසමේ නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.
















