ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ ඩාර්ක් ප්‍රාන්තයේදී (Darke County) පොලිසියෙන් බේරීමට පැයට සැතපුම් 100ක වේගයෙන් රිය පදවා සිදුකළ අනතුරකින් 17 හැවිරිදි ගර්භණී තරුණියක සහ ඇගේ නූපන් දරුවා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තර්සෙම් සිං (Tarsem Singh) නැමැති ඉන්දීය ජාතිකයා තමන් නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. මෙම අනතුරෙන් අෑෂ්ලි හෝම්ස් (Ashlee Holmes) නැමැති තරුණිය සහ ඇගේ දරුවා ජීවිතක්ෂයට පත්වූ අතර සැකකරු මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියනයක ඇප මත රඳවා සිටී.
සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතනය, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ පොලිස් අණ නොතකා ධාවනය කිරීම ඇතුළු බරපතළ ගණයේ චෝදනා කිහිපයක් එල්ල වී ඇති අතර ඔහු එරෙහිව සංක්‍රමණික රඳවා තබා ගැනීමේ නියෝගයක් (Immigration Detainer) ද නිකුත් කර ඇත. ඇමෙරිකානු සංක්‍රමණ සහ රේගු බලාත්මක කිරීමේ ඒකකය (ICE) සඳහන් කරන්නේ නඩු විභාගයෙන් පසු මොහු වැරදිකරු වුවහොත් ඔහුව මෙරටින් පිටුවහල් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.















