ඇමෙරිකාවේ බටහිර ෆිලඩෙල්ෆියා හි කොබ්ස් ක්‍රීක් (Cobbs Creek) ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලිසිය තහවුරු කළේය. මෙම ප්‍රහාරයෙන් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
NBC Philadelphia පුවත් සේවයට අනුව, තුවාල ලැබූවන්ගේ තත්ත්වය මෙතෙක් නිශ්චිතව අනාවරණය කර නොමැත. ප්‍රහාරය එල්ල වීමට හේතුව හෝ සැකකරුවන් පිළිබඳව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ද පියවර ගෙන තිබේ.














