පෘථිවියට කිලෝමීටර් 560ක් ඉහළින් කක්ෂගතව තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවක් හදිසියේ අක්‍රිය වී ඇති බවත්, ඒ සමඟ පැවති සබඳතා බිඳ වැටී ඇති බවත් අද (31) වාර්තා වේ. පසුගිය ඉරිදා හඳුනාගත් මෙම කාර්මික දෝෂය පිළිබඳව ඇමෙරිකානු අභ්‍යවකාශ බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති නමුත්, එයින් වෙනත් අභ්‍යවකාශ මෙහෙයුම්වලට තර්ජනයක් නොමැති බව එම සමාගම තහවුරු කරයි.
විශේෂයෙන්ම දශක කිහිපයකට පසු සඳ බලා යන නාසා ආයතනයේ පළමු මිනිස් සහිත මෙහෙයුම වන “ආටෙමිස් II” (Artemis II) හෙට එනම් අප්‍රේල් 01 වනදා දියත් කිරීමට නියමිතව තිබියදී මෙම චන්ද්‍රිකා අක්‍රිය වීම සිදු විය. කෙසේ වෙතත්, නවතම විශ්ලේෂණවලට අනුව මෙම සිදුවීමෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS), එහි සිටින ගගනගාමීන්ට හෝ හෙට දියත් කෙරෙන ආටෙමිස් මෙහෙයුමට කිසිදු බලපෑමක් සිදු නොවන බව ස්පේස් එක්ස් සමාගම අවධාරණය කර සිටී.
















