මාසයකට අධික කාලයක් පවතින ඇමෙරිකා-ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා තමන් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සමඟ සාකච්ඡා පවත්වන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. නිව්යෝර්ක් පෝස්ට් (New York Post) පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ගලිබාෆ් වොෂින්ටනය සමඟ කටයුතු කිරීමට කැමති ද යන්න පිළිබඳව තව සතියකින් දැනගත හැකි වනු ඇති බවයි.
කෙසේ වෙතත්, ඉරාන කථානායකවරයා X සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් මෙම ප්‍රකාශය දැඩි ලෙස හෙළා දැක ඇත. ඇමෙරිකාව සිය බලාපොරොත්තු ප්‍රවෘත්ති ලෙස පතුරවමින් එක පැත්තකින් ඉරාන ජාතියට තර්ජනය කරන බව ඔහු එහිදී සඳහන් කළේය. ඉතා කෙටි කලකින් එකඟතාවයකට නොපැමිණියහොත් ඉරානයේ බලශක්ති සම්පත් සහ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඇතුළු යටිතල පහසුකම් විනාශ කරන බවට ද ට්‍රම්ප් මෙහිදී අනතුරු අඟවා තිබේ.














