ඉන්දියාවේ විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MeitY) විසින් 2021 තොරතුරු තාක්ෂණ රීති සඳහා දෙවන වරටත් සංශෝධන කිහිපයක් යෝජනා කරමින් නව කෙටුම්පතක් ඊයේ (30) ප්‍රසිද්ධියට පත් කරන ලදී. මෙම නව සංශෝධනයට අනුව, පුවත්පත් ආයතන හෝ ප්‍රකාශකයින් නොවන සාමාන්‍ය පුද්ගලික පරිශීලකයින් විසින් අන්තර්ජාලයට මුදාහරින පුවත් සහ කාලීන තොරතුරු ද මින් ඉදිරියට දැඩි නියාමනයකට ලක්වනු ඇත.
මෙමඟින් රජයට ඕනෑම අවස්ථාවක අදාළ අන්තර්ගතයන් ඉවත් කිරීමට, සංශෝධනය කිරීමට හෝ හදිසි අවස්ථාවකදී අවහිර කිරීමට (Emergency Blocking) නීතිමය බලය හිමි වේ. එමෙන්ම ෆේස්බුක්, එක්ස් (X) වැනි සමාජ මාධ්‍ය ජාලයන් ද රජය විසින් නිකුත් කරන මාර්ගෝපදේශ සහ උපදේශනයන් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු අතර, එසේ නොකරන ආයතනවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ. මෙම යෝජිත සංශෝධන පිළිබඳව මහජන අදහස් දැක්වීම සඳහා අප්‍රේල් 14 වනදා දක්වා කාලය ලබා දී තිබේ.














