1999 වසරේ ජනාධිපතිවරණ සමයේ සිදුවූ මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබූ අධිචෝදනා පත්‍රයක් බල රහිත කරමින් අභියාචනාධිකරණය ලබා දී තිබූ තීන්දුවක් බල රහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළේය.
අදාළ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ඇපෑලක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මෙම මිනීමැරුම් චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතිවරයාට නැවතත් අවකාශ හිමිවනු ඇත.
















