ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය, ප්‍රචණ්ඩත්වය සහ අවිනිශ්චිතතාවය හමුවේ මිලියන සංඛ්‍යාත අමෙරිකානුවන් පිරිසක් මේ වන විට කැනේඩියානු පුරවැසිභාවය ලබා ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බව සී.එන්.එන් (CNN) පුවත් සේවය වාර්තා කරයි. විශේෂයෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව ඇමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය බවට පත්කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් උණුසුම් වී තිබේ.
කැනේඩියානු පුරවැසි පනතේ (Citizenship Act) Bill C-3 සංශෝධනය හරහා 2023 වසරෙන් පසු ඇති වූ නීතිමය වෙනස්කම් අමෙරිකානුවන්ට මහත් ආශිර්වාදයක් වී ඇත. මේ යටතේ යමෙකුට සිය සෘජු පරම්පරාව (Direct lineage) ඔප්පු කළ හැකිනම්, එනම් සිය මුතුන් මිත්තන් (සීයා හෝ මී මුත්තා වැනි) කැනේඩියානු ජාතිකයන් බව තහවුරු කළ හැකිනම් ඔවුන්ට පුරවැසිභාවය සඳහා අයදුම් කළ හැකිය. මෙම නීතිය මීට පෙර අදාළ නොවූවද, දැන් එය ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කරමින් ඉවත් කිරීම නිසා බොහෝ පිරිසකට අවස්ථාව උදා වී තිබේ.
ඔටාවා නුවර පදනම් කරගත් සංක්‍රමණ උපදේශකවරුන් පවසන්නේ අමෙරිකානුවන්ගේ අයදුම්පත් සංඛ්‍යාව දස ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි. මීට පෙර මසකට අයදුම්පත් 10ක් පමණ ලැබුණු ස්ථානවලට දැන් අයදුම්පත් 100කට වඩා ලැබෙමින් පවතී. කෙසේ වෙතත්, මෙම පුරවැසි හිමිකම් ලබාගැනීමේදී කිසියම් මුතුන් මිත්තෙකු මීට පෙර සිය කැනේඩියානු පුරවැසිභාවය අත්හැර තිබේ නම්, එම පරම්පරාවෙන් ඉදිරියට හිමිකම් පෑ නොහැකි බව ද සඳහන් වේ.













