පසුගිය මාර්තු 24 වැනිදා රාත්‍රියේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් නව දිල්ලියේ ශ්‍රීමත් ගංගා රාම් (Sir Ganga Ram) රෝහලට ඇතුළත් කළ ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් නායක සෝනියා ගාන්ධි මහත්මිය අද (31) උදෑසන රෝහලෙන් පිටව ගොස් තිබේ. දින හතක් පුරා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඇය, ශරීරය පුරා පැතිර ගිය ආසාදන තත්ත්වයකින් (Systemic infection) පෙළෙමින් සිටි බව වෛද්‍යවරු තහවුරු කළහ.
රෝහල් සභාපති වෛද්‍ය අජේ ස්වරූප් (Dr. Ajay Swaroop) ප්‍රකාශ කළේ ඇය ලබාදුන් ප්‍රතිජීවක ඖෂධවලට ඉතා හොඳින් ප්‍රතිචාර දැක්වූ බවයි. සෝනියා ගාන්ධි මහත්මිය මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර, ඉදිරි වෛද්‍ය පරීක්ෂණ සහ වැඩිදුර ප්‍රතිකාර නිවසේ සිට සිදු කිරීමට නියමිතය.
















