කැලණි ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයේ පවතින දූෂණය අවම කිරීම සහ සමස්ත ගංගා ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් සවිස්තරාත්මක ජලාධාර සැලැස්මක් සකස් කිරීම සඳහා උපදේශන සේවාවන් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මේ සඳහා වන මූලික අනුමැතිය මීට පෙර (2025-06-16 දින) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී තිබුණි.
මෙම උපදේශන සේවාව සඳහා කැඳවන ලද අභිලාෂ ප්‍රකාශ කිරීම් 07ක් අතරින් ආයතන 04ක් කෙටි ලැයිස්තුගත කර ඔවුන්ගෙන් යෝජනා කැඳවා ඇත. ඒ අනුව ලැබුණු යෝජනා විධිමත්ව ඇගයීමෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර තිබේ. ඒ අනුව සීමාසහිත Resources Development Consultants (පුද්ගලික) සමාගම වෙත බදු ද සහිතව රුපියල් මිලියන 206.65ක මුදලකට මෙම උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය අනුමැතිය ලබා දී ඇත.














