හෙට (01) දිනයේදී වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ හෝ ඉරට්ටේ වුවද සියලුම දෙනාට ඉන්ධන ලබා දීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසයි.
කෙසේ වෙතත්, මෙම තාවකාලික ලිහිල් කිරීම හෙට දිනට පමණක් සීමා වන අතර අප්‍රේල් මස දෙවන දා සිට යළිත් සුපුරුදු පරිදි වාහන අංකයේ අවසාන ඉලක්කම අනුව ක්‍රියාත්මක වන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමවේදය ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














