අමෙරිකා-ඉරාන යුද්ධය තවදුරටත් උත්සන්න වීම හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ඉන්ධන මිල අද (31) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව සාමාන්‍ය පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 4 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මෙය 2022 වසරෙන් පසු වාර්තා වූ ඉහළම මිල අගය ලෙස සටහන් වේ.
මෝටර් රථ සංගමය (AAA) වාර්තා කරන පරිදි, පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වන විට පැවති මිලට වඩා දැනට පවතින මිල (ඩොලර් 4.02) ඩොලරයකින් පමණ ඉහළ ගොස් ඇත. පෙබරවාරි මස අවසානයේ සිට මේ දක්වා සාමාන්‍ය ඉන්ධන පිරිවැය 35%ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරන බව ද එම සංගමය පෙන්වා දෙයි.
අමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හමුවේ පර්සියානු ගල්ෆ් කලාපයේ තෙල් නිධි ඉලක්ක කර ගනිමින් එල්ල වන ප්‍රහාර හේතුවෙන් ගෝලීය තෙල් සහ ගෑස් සැපයුම් දාමයට දැඩි බාධා එල්ල වී තිබේ. බොහෝ රටවල් සිය නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කිරීම නිසා ඇති වූ මෙම සැපයුම් හිඟය, ලෝකය පුරා බලශක්ති අර්බුදයක් නිර්මාණය වීමට ප්‍රධාන හේතුව වී ඇත.














