කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයාගේ අභිරහස් අතුරුදන් වීම සහ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අද (31) පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ ලඳු කැලෑවක සැඟව සිටියදී දෙල්වල පොලීසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය 28 වැනිදා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ මෙම ව්‍යාපාරිකයාගේ යතුරුපැදිය සහ ජංගම දුරකථනය මාර්ගය අසල තිබී පළමුව සොයා ගැනුණි. අනතුරුව සිදුකළ පුළුල් සෝදිසි මෙහෙයුමකින් පසු ඔහුගේ සිරුර පතල් වළක තිබී ඊයේ (30) සොයාගත් අතර, ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස කහවතුකන්ද ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කොටු කර ගැනීමට පොලීසිය සමත් විය.
විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා සිදුකළ මෙම මෙහෙයුමෙන් පසු අත්අඩංගුවට ගත් සැකකරුගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු කෙරේ. ඝාතනයට හේතුව සහ මීට තවත් පුද්ගලයින් සම්බන්ධද යන්න පිළිබඳව දෙල්වල පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














