ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (31) සිදුකළ විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙම වැටලීම සිදුකර ඇත.
නාවික හමුදා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙම මෙහෙයුමේදී, මත්ද්‍රව්‍ය බහා ඇති බවට සැක කෙරෙන උර තොගයක් සමඟ අදාළ යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා සහ ධීවර යාත්‍රාව වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව වාර්තා වේ.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා දිවයින වටා මුහුදු කලාපයේ නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි. යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමෙන් පසු එහි අඩංගු මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ වර්ගය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.














