ඉරානය විසින් එල්ල කරනු ලබන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් සිය මිත්‍ර රටවල් ආරක්ෂා කිරීම සඳහා මැදපෙරදිග කලාපයට අතිරේක හමුදා කණ්ඩායම් සහ නවීනතම ගුවන් ආරක්ෂණ පද්ධති යෙදවීමට බ්‍රිතාන්‍ය රජය අද (31) තීරණය කර තිබේ. කලාපීය නොසන්සුන්තාවය හමුවේ ස්ථාවරත්වය තහවුරු කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි.
බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි (John Healey) ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍ය සතු “විශිෂ්ටතම” සහ නවීනතම යුධ තාක්ෂණය මෙලෙස මැදපෙරදිග කලාපය වෙත යොමු කරන බවයි. විශේෂයෙන්ම ගුවන් මඟින් එල්ල විය හැකි තර්ජන කල්තියා හඳුනාගෙන ඒවා විනාශ කළ හැකි දියුණු ආරක්ෂක පද්ධති මේ යටතේ ස්ථාපනය කිරීමට නියමිතය.
අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමක, බ්‍රිතාන්‍යයේ මෙම සෘජු මැදිහත්වීම කලාපීය බල තුලනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති. මිත්‍ර රටවල ආරක්ෂාව වෙනුවෙන් බ්‍රිතාන්‍යය පෙනී සිටින බවත්, ඕනෑම ප්‍රහාරයකට මුහුණ දීමට තම හමුදා සූදානම් බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














