ඉරානය සමඟ පවතින විනාශකාරී යුද්ධය අවසන් කිරීම සඳහා කඩිනම් “පිවිසුම් මාර්ගයක්” (Off-ramp) සොයාගන්නා ලෙස 14 වන ලියෝ පාප්වහන්සේ (Pope Leo XIV) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සෘජු ඉල්ලීමක් සිදුකර තිබේ. ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ජාතිකයෙකු පාප් ධුරයට පත්වීමෙන් පසු, ඔහු සිය මව් රටේ නායකයා වෙත මෙලෙස සෘජු දේශපාලන ඇයදුමක් සිදුකිරීම අතිශය දුර්ලභ මෙන්ම තීරණාත්මක සිදුවීමක් ලෙස ජාත්‍යන්තරය සලකයි. ජනාධිපති ට්‍රම්ප් මෑතකදී යුද්ධය අවසන් කිරීමට කැමැත්තෙන් සිටින බවට පළ වූ වාර්තා තමන්ට අසන්නට ලැබුණු බවත්, එය හුදු ප්‍රකාශයකට පමණක් සීමා නොකර ප්‍රචණ්ඩත්වය අවම කරන සැබෑ මාවතක් බවට පත් කරගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් පාප්වහන්සේ සඳහන් කළහ.
ඉරාන් ඉන්ටර්නැෂනල් (Iran International) වාර්තා කරන පරිදි, මෙම යුද්ධය හේතුවෙන් අහිංසක දරුවන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් මියයාම පිළිබඳව පාප්වහන්සේ සිය දැඩි කණගාටුව පළ කර ඇත. එළඹෙන අප්‍රේල් 05 වනදාට යෙදෙන පාස්කු ඉරිදා දිනට පෙර මෙම ගැටුම් නතර කර සාමය උදා කිරීමට පියවර ගන්නා ලෙස උන්වහන්සේ ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටිති. පෙබරවාරි 28 වනදා ආරම්භ වූ මෙම යුද මෙහෙයුම හේතුවෙන් මැදපෙරදිග කලාපයම අස්ථාවර වී ඇති මොහොතක, අමෙරිකානු පාප්වහන්සේ නිකුත් කළ මෙම “සදාචාරාත්මක බලපෑම” (Moral nudge) ට්‍රම්ප් පරිපාලනය කෙරෙහි කිනම් ආකාරයක දේශපාලන පීඩනයක් එල්ල කරනු ඇත්දැයි ලෝකයම අවධානයෙන් පසුවෙයි.
මෙම ප්‍රකාශය හරහා අමෙරිකාවේ සිටින දැඩි ආගමික භක්තිකයින්ගේ මෙන්ම යුද්ධයට එරෙහි පිරිස්වල ද අවධානය ජනාධිපතිවරයා වෙත යොමු වී තිබේ. ධවල මන්දිරය මීට පෙර පවසා තිබුණේ ඉරානයට එරෙහි යුද පීඩනය සාර්ථක වෙමින් පවතින බව වුවත්, පාප්වහන්සේ පෙන්වා දෙන්නේ ආයුධ මගින් හෝ තර්ජන මගින් සැබෑ සාමය උදා කළ නොහැකි බවයි. ඉරානය විසින් සිය නාවික ගාස්තු සඳහා යුආන් (Yuan) භාවිතා කිරීම සහ අමෙරිකානු සමාගම් වෙත ප්‍රහාර එල්ල කරන බවට කරන තර්ජන මධ්‍යයේ, පාප්වහන්සේගේ මෙම මැදිහත්වීම යුද්ධයේ ගමන් මග වෙනස් කිරීමට හේතු විය හැකි බව විශ්ලේෂකයෝ විශ්වාස කරති.
තොරතුරු උපුටා ගැනීම:Mario Nawfal (X) ඇසුරින්
















