කොච්චිකඩේ පොලිස් වසමට අයත් දළුවාකොටුව ප්‍රදේශයේදී කිසිදු වලංගු බලපත්‍රයක් නොමැතිව ඩීසල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු විශේෂ රහසිගත තොරතුරකට අනුව ඊයේ (31) සිදුකළ හදිසි වැටලීමකදී මෙම සැකකරු කොටු කර ගැනීමට හැකි වී ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී නීතිවිරෝධී ලෙස සඟවා තිබූ ඩීසල් ලීටර් 150ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන කොච්චිකඩේ ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා මීගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














