ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම සැක කටයුතු බහුදින ධීවර යාත්‍රාව සහ අදාළ සැකකරුවන් 06 දෙනා ඉදිරි නීතිමය විමර්ශන කටයුතු සඳහා මේ වන විට සාර්ථකව ගොඩබිමට රැගෙනවිත් ඇත. ඉදිරි විමර්ශන සඳහා මෙම පිරිස සහ අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතව තිබේ.














