ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන අද (01) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලද බහුදින ධීවර යාත්‍රාවේ තිබූ සැකකටයුතු උර 19ක අන්තර්ගතය හෙරොයින් මත්ද්‍රව්‍ය බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) විසින් මේ වන විට නිල වශයෙන් තහවුරු කරගෙන තිබේ.
මෙම විශේෂ වැටලීමේදී අදාළ මත්ද්‍රව්‍ය උර තොගය සමඟ සැකකරුවන් 06 දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන යාත්‍රාව සමඟම දික්ඕවිට වරාය වෙත ආරක්ෂිතව රැගෙන විත් ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.
















