2025 වර්ෂයේ පැවැත්වුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵලවලට අනුව අපේක්ෂකයින් 30,898 දෙනෙකු සියලුම විෂයයන් අසමත්ව (Fail) ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කර තිබේ.
මෙම පිරිස අතරට පාසල් අයදුම්කරුවන් 19,301 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 11,597 දෙනෙකු ඇතුළත් වන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් තහවුරු කරයි. මීට අමතරව භෞතික විද්‍යා (ගණිත) විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කිලිනොච්චිය මහා විද්‍යාලයේ දේවේන්ද්‍රන් තිරුකුමරන් ශිෂ්‍යයා සමත්ව ඇත.














