ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය සහ 2026 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගය කලින් වෙන් කරන ලද නියමිත දින වකවානුවලදීම පැවැත්වීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කර තිබේ.
ඊයේ (31) නිකුත් වූ උසස් පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙම විභාග පැවැත්වෙන දින පිළිබඳව කලින්ම දැනුම් දී ඇති බැවින් සිසුන් එම කාලසටහනට අනුව සිය අධ්‍යයන කටයුතු සැලසුම් කරගත යුතු බවයි. විවිධ හේතූන් මත පසුගිය කාලසීමාවන්හිදී විභාග පවත්වන දින නිරන්තරයෙන් වෙනස් වීම නිසා දරුවන් දැඩි අපහසුතාවයකට පත්වූ බවත්, එම තත්ත්වය මඟහරවා ගනිමින් මෙවර නියමිත පරිදි කටයුතු කිරීමට දෙපාර්තමේන්තුව සූදානම් බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.














