පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ත්‍රිරෝද රථයකින් අයිස් (ICE) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 938ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (31) වැල්ලම්පිටිය පොලිස් වසමේ අවිස්සාවේල්ල පාරේ පිහිටි ස්ථානයකදී මෙම වැටලීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 48 සහ 58 යන වයස්වල පසුවන පදිංචිකරුවන් වේ.
පොලිසිය සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘මහවත්තේ චාමර’ නමැති පුද්ගලයාගෙන් ලබාගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.














