මැදපෙරදිග කලාපීය ගැටුම් තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා ‘පිටවීමේ මඟක්’ (Off-ramp) සොයා ගන්නා ලෙස ලියෝ පාප්තුමා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සෘජු හා දුර්ලභ ඉල්ලීමක් සිදුකර තිබෙනවා
අමෙරිකා එක්සත් ජනපදයෙන් පත්වූ ප්‍රථම පාප්වහන්සේ වන ලියෝ පාප්තුමා රෝමය අසල පිහිටි සිය කැස්ටල් ගන්ඩොල්ෆෝ (Castel Gandolfo) නිල නිවෙසින් පිටතදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, ජනාධිපති ට්‍රම්ප් මෑතකදී මෙම යුද්ධය අවසන් කිරීමට කැමැත්තෙන් පසුවන බව තමන්ට දැනගන්නට ලැබුණු බවයි. ඒ අනුව ඔහු ප්‍රචණ්ඩත්වය අවම කර ගැනීමට සහ සාමය උදාවන මාවතක් කරා යොමුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව උන්වහන්සේ සඳහන් කළා
පසුගිය පෙබරවාරි 28 වැනිදා අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරවලින් ආරම්භ වූ මෙම ඉරාන ගැටුම මේ වන විට මුළු කලාපය පුරාම ව්‍යාප්ත වී දහස් ගණනක් ජීවිත බිලිගෙන ඇති අතර ගෝලීය බලශක්ති සැපයුමට ද දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. අහිංසක දරුවන් ඇතුළු විශාල පිරිසක් මියයාම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කළ පාප්තුමා, අප්‍රේල් 5 වැනිදාට යෙදෙන පාස්කු ඉරිදාට (Easter) පෙර මෙම ප්‍රචණ්ඩත්වය අවසන් වනු දැකීම තම අපේක්ෂාව බව ද අවධාරණය කළා
+1














