එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි වී ඇති සියලුම පුද්ගලයන් විසින් නිකුත් කළ යුතු බදු ඉන්වොයිසි සඳහා වන නව ආකෘතිය සහ පිරිවිතරයන් ක්‍රියාත්මක කිරීමේ දිනය දීර්ඝ කර තිබෙනවා
මුලින් අද (අප්‍රේල් 1) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නව ක්‍රමවේදය තවත් මාස තුනකින් කල් දැමීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා තීරණය කර ඇති අතර ඒ අනුව එය 2026 ජූලි මස 1 වැනිදා සිට බලාත්මක වීමට නියමිතයි
2025 නොවැම්බර් 17 දිනැති අංක 2463/05 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට සිදුකළ සංශෝධනයක් මඟින් මෙම කාලය දීර්ඝ කිරීම සිදුකර ඇති අතර වැට් බදු සඳහා ලියාපදිංචි වී සිටින සියලුම ව්‍යාපාරිකයන් සහ පුද්ගලයන් සඳහා මෙම නව රෙගුලාසි අදාළ වනවා














