2025 වර්ෂයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල අනුව මෙවර පෙනී සිටි අපේක්ෂකයන්ගෙන් 66%ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු පෙනී සිටි අතර ඉන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.මීට අමතරව පාසල් අයදුම්කරුවන් 7,477 දෙනෙකු (3.38%) සහ පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකු සියලුම විෂයන් සඳහා ‘A’ සාමාර්ථ ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් විවිධ හේතූන් මත අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට ද විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.විෂය ධාරා අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ප්‍රතිශතයන්විෂය ධාරාවපාසල් අයදුම්කරුවන්පෞද්ගලික අයදුම්කරුවන්වාණිජ72.02%66.29%ජෛව පද්ධති තාක්ෂණවේදය71.76%70.24% (සමස්ත)කලා67.57%63.57%ඉංජිනේරු තාක්ෂණවේදය64.85%62.65%භෞතික විද්‍යාව (ගණිත)63.96%61.59%ජීව විද්‍යාව59.56%58.43%වෙනත් විෂය ධාරාවන්55.39%51.45% (සමස්ත)පළාත් මට්ටමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ ප්‍රතිශතයන්පළාතප්‍රතිශතයබස්නාහිර69.42%වයඹ68.48%උතුරු66.91%නැගෙනහිර66.32%දකුණ65.69%සබරගමුව64.97%ඌව63.53%මධ්‍යම63.04%උතුරු මැද60.91%විභාග කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළේ මෙවර කලා විෂය ධාරාවට පෙනී සිටි දරුවන්ගේ කැපී පෙනෙන අඩුවක් (32.03%) දක්නට ලැබුණු අතර ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, තාක්ෂණවේදය සහ තොරතුරු තාක්ෂණය (ICT) වැනි විෂය ධාරාවන් කෙරෙහි සිසුන්ගේ වැඩි නැඹුරුවක් දක්නට ලැබුණු බවයි.














