ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ තුළ දැවැන්ත පෙරළියක් සිදුකරමින් මෙරට වඩාත්ම ජනප්‍රිය නව බලශක්ති වාහන (NEV) සන්නාමය බවට පත්ව ඇති BYD, ශ්‍රී ලංකාව තුළ වාහන ඒකක 10,000ක අලෙවි ඉලක්කය සාර්ථකව සම්පූර්ණ කිරීමට සමත්ව තිබෙනවා
මෙරට BYD වාහන සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන්නේ John Keells CG Auto සමාගමයි. ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අතර ඉහළ ආකර්ෂණයක් දිනාගත් BYD ATTO 3, BYD DOLPHIN, BYD M6, BYD SEAL, BYD SEALION 6, BYD SHARK 6, BYD SEALION 5, BYD SEALION 8, BYD ATTO 1 සහ BYD ATTO 2 වැනි ප්‍රමුඛ පෙළේ වාහන මාදිලි රැසක් ඔවුන්ගේ නිෂ්පාදන පෙළට ඇතුළත් වනවා
මීට අමතරව BYD සන්නාමය යටතේ එන සුඛෝපභෝගී නව බලශක්ති වාහන (NEV) මාදිලියක් වන DENZA රථ ද මේ වන විට මෙරට මෝටර් රථ ක්ෂේත්‍රය තුළ ඉතා කෙටි කලකින් ඉහළ ජනප්‍රියත්වයක් සහ ඉල්ලුමක් දිනා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වනවා














