නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ආනයනය කෙරුණු ගල්අඟුරු සහ එම බලාගාරයේ සමස්ත ක්‍රියාකාරිත්වය පිළිබඳව විශේෂ විමර්ශනයක් ලබන අප්‍රේල් 09 වැනිදා ආරම්භ කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව තීරණය කර තිබෙනවා
කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේ මෙම විමර්ශන කටයුතු සඳහා ලක්විජය බලාගාරයේ බලධාරීන් ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල්අඟුරු සමාගමේ ප්‍රධානීන් එදිනට කමිටුව හමුවට කැඳවා ඇති බවයි පසුගිය කාලසීමාව පුරාවටම මෙම බලාගාරයේ කටයුතු සම්බන්ධයෙන් විවිධ අසත්‍ය සහ පරස්පර වාර්තා පළවී ඇති බැවින් එහි සැබෑ තත්ත්වය කුමක්දැයි රටට හෙළිදරව් කිරීම මෙහි මූලික අරමුණ බව ද හෙතෙම පෙන්වා දුන්නා
මීට පෙර කෝප් කමිටු සභාපතිවරයා ඇතුළු සාමාජික පිරිසක් ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර ඉදිරියේදී සිදුකිරීමට නියමිත මෙම සම්පූර්ණ විමර්ශනයෙන් අනතුරුව ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි














