ශ්‍රී ලාංකීය ගෘහණියන් අතර වසර 20කට අධික කාලයක් තිස්සේ විශ්වාසය දිනාගත් ‘Diva’ සන්නාමය, සිය Diva Fresh රෙදි සේදුම් කුඩු (Detergent Powder) නිෂ්පාදන පෙළ නව මුහුණුවරකින් සහ වැඩිදියුණු කළ ‘Triple Action’ තාක්ෂණය සමඟින් යළි වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.
මෙම නවතම නිෂ්පාදන පෙළ හරහා සේදීමේදී උපරිම ප්‍රතිඵල ලබා දීම සඳහා ප්‍රධාන තාක්ෂණික ක්‍රමවේද තුනක් භාවිත කර ඇත. ඇඳුම්වල පවතින දෛනික කුණු සහ පැල්ලම් පහසුවෙන් ඉවත් කිරීම සඳහා විශේෂ ‘Stain Fighter’ තාක්ෂණයත්, සේදීමෙන් පසුවත් ඇඳුම්වල සුවඳ දිගුකාලීනව රඳවා තබා ගැනීම සඳහා ‘Perfume Booster’ තාක්ෂණයත් මෙයට ඇතුළත් කර තිබෙනවා. මීට අමතරව ඇඳුම්වල දීප්තිය ආරක්ෂා කරමින් සෑම සේදීමකින්ම පසුව අලුත් පෙනුමක් ලබා දීම සඳහා ‘Optical Brightener’ තාක්ෂණය ද භාවිත කර ඇති බව සඳහන්.
හේමාස් පාරිභෝගික සන්නාම අංශයේ (Hemas Consumer Brands) අලෙවි අධ්‍යක්ෂ ෂියාන් ජයවීර මහතා ප්‍රකාශ කළේ මෙරට පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතා හඳුනාගනිමින් දේශීය සන්නාමයක් ලෙස ඔවුන්ගේ ජීවිත පහසු කිරීමට නිරන්තරයෙන් කැපවන බවත්, මෙම නව Diva Fresh හඳුන්වාදීම එහි එක් සන්ධිස්ථානයක් වන බවත්ය.














