මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ වුවද ශ්‍රී ලංකාව තුළ ඉන්ධන හිඟයක් හෝ අවදානම් තත්ත්වයක් ඇති නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පවසනවා
ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන ලෝකයේ පවතින යුදමය තත්ත්වයන් සාමාන්‍යකරණය වී ඇති බැවින්, ජාත්‍යන්තර ඉන්ධන කර්මාන්තයේ නියුතු සමාගම් සහ සැපයුම්කරුවන් මේ වන විට විකල්ප ක්‍රමවේද සහ ආරක්ෂිත සැපයුම් මාර්ග (Alternative routes and methods) වෙත යොමුව ඇති බවයි. එම නිසා කලාපීය අර්බුද මධ්‍යයේ වුවද මෙරට ඉන්ධන සැපයුම බාධාවකින් තොරව කළමනාකරණය කර ගැනීමට පූර්ණ හැකියාව පවතින බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරනවා














