ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව වැනි ලොව සෙසු රටවල් ආදර්ශයට ගනිමින් ඉන්ධන මත පනවා ඇති බදු මුදල් අඩු කර ජනතාවට සහන ලබා දෙන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් රජයෙන් ඉල්ලා සිටිනවා.
කොළඹදී අද (අප්‍රේල් 1) පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, ලසන්ත අලගියවන්න, වජිර අබේවර්ධන සහ හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන සමඟ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන් එක්ව රජයෙන් මෙම පොදු ඉල්ලීම සිදු කළා.
ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වයන් හමුවේ වුවද අනෙකුත් රටවල් තම ජනතාවට සහන සැලසීමට පියවර ගෙන ඇති බැවින්, ශ්‍රී ලංකා රජය ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන බදු ලිහිල් කර මෙරට පාරිභෝගික ජනතාවට සහන සැලසිය යුතු බව ඔවුන් මෙහිදී අවධාරණය කර සිටියා.














