පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම අඩාල වී ඇති ප්‍රදේශවල ජනතාවට බවුසර් රථ මඟින් ජලය බෙදා හැරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පියවර ගෙන තිබෙනවා.
තම ප්‍රදේශයේ පවතින ජල සැපයුම් ගැටලු පිළිබඳව වහාම ‘1939’ ක්ෂණික ඇමතුම් අංකය (Hotline) අමතා දැනුම් දෙන ලෙස ජල සම්පාදන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එවැනි තොරතුරු ලැබුණු සැනින් කඩිනමින් ක්‍රියාත්මක වී ජලය සැපයීමට පියවර ගන්නා බවයි ඔවුන් පවසන්නේ.
මෙම දැඩි වියළි කාලගුණය මධ්‍යයේ වුවද ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම සිය මූලිකම වගකීම බව පෙන්වා දෙන ජල සම්පාදන මණ්ඩලය, අඛණ්ඩ සේවාවක් ඔස්සේ ජීවයට අත්‍යවශ්‍ය ජලය ජනතාව වෙත ලබා දීමට නිරන්තරයෙන් කැපවන බව වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.














