වවුනියාව දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ අධ්‍යාපන සහ කලා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක රුපියල් මිලියන 2.5ක විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක් අද (01) ආරම්භ විය. යුද සමයේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් අධ්‍යාපනයට දැඩි බලපෑම් එල්ල වූ ප්‍රදේශවල දරුවන්ගේ අනාගතය සුබදායී කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේදී වවුනියාව මරදම්මඩුව ධර්මපාල විද්‍යාලය සඳහා නවීන ස්මාර්ට් බෝඩ් (Smart Boards) සහ සංගීත උපකරණ ප්‍රදානය කෙරිණි. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදලින් රුපියල් මිලියනයක් ඇතුළුව සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2.5ක මුදලක් වෙන් කර තිබේ. මෙමගින් දුෂ්කර පාසල්වල දරුවන්ට තාක්ෂණික මෙවලම් සමඟ මුසු වූ නවීන අධ්‍යාපන ක්‍රමවේදයන් වෙත යොමු වීමට අවස්ථාව උදා වේ.














