ඉරානයේ නව නායකයා තමන්ගෙන් සටන් විරාමයක් ඉල්ලා සිටි බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) කළ ප්‍රකාශය ඉරාන විදේශ අමාත්‍යාංශය අද (01) රාත්‍රියේ නිල වශයෙන් ප්‍රතික්ෂේප කළේය. ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය “අසත්‍ය සහ පදනම් විරහිත” බව ඉරාන රජයේ රූපවාහිනිය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා අවධාරණය කළේ ටෙහෙරානය විසින් කිසිදු ආකාරයක සටන් විරාම ඉල්ලීමක් ඇමෙරිකාවෙන් සිදු කර නොමැති බවයි. මීට පෙර ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඉරානය සටන් විරාමයක් ඉල්ලා ඇති බවත්, එය සලකා බැලීමට නම් හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කළ යුතු බවත්ය. කෙසේ වෙතත්, ඉරානය මෙම ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වී තිබේ.














