ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ වරම් අද (01) හිමි විය. ඔහු මෙවර තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් (Delhi Capitals) කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටී.
ලක්නව්හිදී මේ වන විට පැවැත්වෙන ලක්නව් සුපර් ජයන්ට්ස් (Lucknow Super Giants) කණ්ඩායමට එරෙහි තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස පැතුම් නිස්සංක නම් කර තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පිටියේ දැක්වූ සුවිශේෂී දක්ෂතා සැලකිල්ලට ගනිමින් ඔහුට මෙම අවස්ථාව හිමිව ඇති අතර, IPL තරගාවලියට එක්වන තවත් දක්ෂ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලෙස ඔහු ඉතිහාසයට එක් වේ.













