ලියාපදිංචි බලපත්‍ර නොමැතිව සහ ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් රථවාහන ජාවාරමේ යෙදුණු පුද්ගලයින් තිදෙනෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම සිදු කර ඇත්තේ ව්‍යාජ ලේඛන සකස් කර වාහන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එම කොට්ඨාසය විසින් සිදු කරනු ලැබූ දීර්ඝ විමර්ශනයකට අනුවය.
මීගහවත්ත සහ කඳාන යන පොලිස් වසම් ආවරණය වන පරිදි සිදු කළ වැටලීම්වලදී සැකකරුවන් සමඟ ඔවුන් සන්තකයේ තිබූ මෝටර් රථ 03ක්, ජීප් රථ 02ක්, ලොරි රථයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇත. පොලිසිය සඳහන් කරන පරිදි අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 39 සහ 44 යන වයස්වල පසුවන කඳාන සහ මීගහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම මහා පරිමාණ රථවාහන ජාවාරම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.














