පවතින වියළි කාලගුණයත් සමඟ ඉදිරි දින කිහිපය ඇතුළත දිවයිනේ ප්‍රදේශ රැසකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි. මේ අනුව ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම සීමා කිරීමටත්, තවත් ප්‍රදේශ කිහිපයකට පැය කිහිපයක කාලසීමාවක් සඳහා ජල කප්පාදුවක් සිදු කිරීමටත් තීරණය කර ඇති බව එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම දැනට කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ජලය සපයනු ලබන ප්‍රධාන ජල මූලාශ්‍ර වන කලටුවාව සහ ලබුගම ජලාශවල ජල පරිමාවන් මේ වන විට සැලකිය යුතු ලෙස පහළ බැස ඇත. උදාවන අලුත් අවුරුදු සමය තුළ ජනතාව මුහුණ දීමට ඉඩ ඇති අපහසුතා සහ මෙම තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වා තිබේ.














