අබුඩාබි කේන්ද්‍ර කරගත් ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සමූහයක් වන බර්ජීල් හෝල්ඩින්ග්ස් (Burjeel Holdings) හි ප්‍රමුඛතම රූපලාවන්‍ය සහ සෞන්දර්ය ප්‍රතිකාර සන්නාමය වන ‘තජ්මීල් සායනය’ (Tajmeel Clinic) ඊයේ (01) රාත්‍රියේ ඩුබායිහි ජුමෙයිරා (Jumeirah) ප්‍රදේශයේදී නිල වශයෙන් විවෘත කරන ලදී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින ශක්තිමත් ආර්ථිකය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය කෙරෙහි ඇති විශ්වාසය මෙමගින් තවදුරටත් තහවුරු වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයූඩි (Dr. Thani bin Ahmed Al Zeyoudi) මහතා සහ බර්ජීල් හෝල්ඩින්ග්ස් සභාපති ආචාර්ය ශම්ෂීර් වායලිල් (Dr. Shamsheer Vayalil) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම සිදු විය. නවීන තාක්ෂණයෙන් යුත් මෙම සායනය හරහා රූපලාවන්‍ය ප්‍රතිකාර (Aesthetics) සහ පුනර්ජනනීය වෛද්‍ය විද්‍යාව (Regenerative medicine) ආශ්‍රිත සේවාවන් 30කට අධික සංඛ්‍යාවක් ලබා දීමට නියමිතය.
අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලාපීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීමට මෙවැනි උසස් තත්ත්වයේ වෛද්‍ය සේවාවන් සහ ආයෝජන බෙහෙවින් ඉවහල් වන බවයි. මෙම අවස්ථාවට විලාසිතා, වාණිජ සහ සමාජයීය ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගී වී සිටියහ.














