ලංකා ගල්අඟුරු සමාගමට ගල්අඟුරු සැපයීමේ ටෙන්ඩරය ලබාගත් විදේශීය සමාගමක් සමඟ තමාට පෞද්ගලික සම්බන්ධතා ඇති බවට නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා එල්ල කළ චෝදනා රඛිත රාජපක්ෂ මහතා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
තමන් එම විදේශීය සමාගමේ මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරන බවට හෝ එම ගනුදෙනුවලින් කොමිස් මුදල් ලබාගත් බවට එල්ල වන ප්‍රකාශ පදනම් විරහිත සහ ද්වේෂසහගත බව පවසන ඒ මහතා, තමා හෝ තම පවුලේ කිසිදු සාමාජිකයෙකු එම සමාගම සමඟ සෘජු හෝ වක්‍ර ව්‍යාපාරික සම්බන්ධතාවයක් පවත්වා නොමැති බව අවධාරණය කරයි.
තවද, මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් තම කීර්තිනාමයට හානි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් කිසිසේත් පසුබට නොවන බවත්, අදාළ නීතිඥවරයා කළ චෝදනා ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි තිබේ නම් ඒවා සුදුසු ආයතන වෙත ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන බවත් රඛිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
















