පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවී තිබෙන පානීය ජල හිඟය නිරීක්ෂණය කිරීම සහ එය නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති සහ සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ.
දිවයිනේ ප්‍රදේශ රැසක ජල මූලාශ්‍රවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටීම නිසා ඇතිවිය හැකි අර්බුදකාරී තත්ත්වයන් අවම කර ගැනීමටත්, ජනතාවට බාධාවකින් තොරව ජල සැපයුම ලබා දිය හැකි ක්‍රමවේදයන් සකස් කිරීමටත් මෙම විශේෂ කමිටුව අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.














