ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයට අයත් බඩෝවිට 1, 2 සහ 3 යන අදියර ආවරණය වන පරිදි පොලීසිය සහ නාවික හමුදාව එක්ව ඊයේ (01) දියත් කළ විශේෂ පැය 4ක මෙහෙයුමකදී සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය, නාවික හමුදාව සහ පොලිස් නිල සුනඛ කොට්ඨාශය එක්ව මෙම හදිසි වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර විවිධ අපරාධවලට සම්බන්ධ වරෙන්තුකරුවන් 9 දෙනෙකුද සිටින බව පොලීසිය පවසයි.
මෙහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2,830 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3,890 ක්, ගංජා මිලිග්‍රෑම් 6,000 ක් සහ මත්කරල් 10 ක් පොලිස් භාරයට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීම සහ මෑතකදී එම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම්වලට අදාළ සැකකරුවන් සෙවීම අරමුණු කරගනිමින් මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.














