ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද දින සසඳන විට තවදුරටත් ස්ථාවර මට්ටමක පවතින අතර උපරිම විකුණුම් මිල රුපියල් 318 සීමාවේ පවතිනවා.
සෙලාන් බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 312 ක් සහ විකුණුම් මිල රුපියල් 317.25 ක් ලෙස නොවෙනස්ව පවතින අතර එන්.ඩී.බී. බැංකුවේ ගැනුම් මිල රුපියල් 312.25 ක් සහ විකුණුම් මිල රුපියල් 318.75 ක් ලෙස සටහන්ව තිබෙනවා. මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 311.87 සිට රුපියල් 311.77 දක්වා සුළු වශයෙන් අඩු වී ඇති අතර විකුණුම් මිලද රුපියල් 318.75 සිට රුපියල් 318.65 දක්වා සුළු පහත වැටීමක් පෙන්නුම් කරනවා. මීට අමතරව කොමර්ෂල් බැංකුවේ ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙළින් රුපියල් 310.32 සහ රුපියල් 318.75 ලෙසත් සම්පත් බැංකුවේ ගැනුම් මිල රුපියල් 312.25 ක් සහ විකුණුම් මිල රුපියල් 318.75 ක් ලෙසත් පෙර පරිදිම නොවෙනස්ව සටහන් වී තිබෙනවා.














